කොළඹ වරායට ඇතුළු වීමේ දී ගිනිගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවු පරිසර දූෂණයට වන්දි ඉල්ලා සිංගප්පූරුවේ දී අද නඩුවක් ගොනුකිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

සිංගප්පූරු නැව් සමාගමකට අයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව 2021 වසරේ මැයි 20 වනදා කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමකට ලක්වුනා .

පසුව නෞකාව මෙරට මුහුදු සීමාව තුළ ගිලීයාමට ලක් වූ අතර ඉන් මෙරට පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවුනා .

නෞකාව ගිලියාමෙන් පසුව සිදුවූ පරිසර දූෂණයට වන්දි ඉල්ලා එම නෞකාවට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව අද සිංගප්පූරු වාණිජ අධිකරණය හමුවේ නඩුවක් ගොනුකිරීමට නියමිතයි .

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සදහන් කළේ ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් අවසන් කර ඇති බවයි .

මේ අතර මෙරටට වන්දි මුදල් ලබා ගැනීමේ ක්‍රියාවලිය යට ගැසීම සදහා ක්‍රියා කළ පුද්ගලයන් කවුරුන්ද යන්න අනාවරණය කරන ලෙස අධිකරණ ඇමතිවරයාට අභියෝග කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.

WhatsApp Group

Skip to content