ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් තෝරා ගැනීමත් ආසන සංවිධායකවරුන් පත් කර ගැනීමත් සඳහා අයදුම්පත්‍ර බාර ගැනීමෙි සම්මුඛ පරීක්ෂණ හෙට දිනයේදී සිදු කිරීමට නියමිතයි.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ දී හෙට එම කටයුතු සිදු කෙරෙන බවයි එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

සම්මුඛ පරීක්ෂණ මණ්ඩල හයක් ඉදිරියේ මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සූදානම් කර තිබෙන බවද එජාප මහලේකම්වරයා කියා සිටියා.

පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගත වීමක් සිදු වෙනවා දැයි  සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රංගේ බණ්ඩාර මහතා කීවේ දැනට එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවයි.

නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වෙනත් දේශපාලන පක්ෂ වල පිරිස් තම පක්ෂය යටතේ නාමයෝජනා ලබා ගත හැකිදැයි විමසා ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

WhatsApp Group

Skip to content