2023 වසර අවසන් වනවිට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා සියළු දෙනා සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් අද පෙරවරු 09.00 ට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුනා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියා.

මේ අතර රාජ්‍ය සේවකයින් සඳහා ප්‍රතිඥා ලබා දීමත් මෙහිදි සිදු කෙරුනා.

https://www.vnews.lk/storage/2023/01/RANIL-WIKRAMASINTGHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content