Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදේශ රැකියා ඒජන්සි ආයතන වලට එරෙහිව පසුගිය වසරේ ලද  පැමිණිලි විභාග කොට ඒජන්සි පාර්ශව වෙතින් රුපියල් තුන්කෝටි අසුලක්ෂ අසුහත්දහසක මුදලක්  අයකරගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එහි විශේෂ විමර්ශන අංශය සඳහන් කළේ විදේශ රැකියා ලබාදීමේදී නියමිත මුදලට වඩා මුදල් අයකිරීම, මුදල් අයකර රැකියා ලබා නොදීම, විදේශ  ගතවූ පසු නියමිත පරිදි රැකියා ලබා නොදීම හමුවේ  ආපසු  පැමිණීමට සිදුවීම වැනි කරුණු  පදනම් කරගෙන පැමිණිලි ලැබී තිබුණු බවයි.

මෙම මුදල පසුගිය  වසරේ ජනවාරි 01 දිනසිට දෙසැම්බර් මස 31 දින දක්වා කාලය තුල පමණක් විභාග කල පැමිණිලිවලට අදාලව එම පැමිණිලි පාර්ශවලට අයකර දී තිබෙනවා.

කාර්යාංශ පනතේ ප්‍රතිපාදනයන්ට යටත්ව කටයුතු කිරීමට චක්‍රලේඛ මගින් දැනුවත් කළද එයට පටහැනිව කටයුතු කළ විදේශ රැකියා නියෝජිතායතන 17ක කම්කරු බලපත්‍ර ද   අවලංගු කෙරුනා.

පවතින පැමිණිලි පරික්ෂණවලට අදාල නිර්දේශමත තවත් ඒජන්සි ආයතන 27ක කාර්යාංශ බලපත්‍ර  අවලංගු කිරීමටයි  තීරණය කර ඇත්තේ.

2022 වර්ෂය තුළදී විමර්ශන ඒකකයට පැමිණිලි 1334ක් ලැබී ඇති අතර, ඉන් පැමිණිලි 744ක් ලැබී ඇත්තේ කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනවලට එරෙහිවයි.

මෙම කාලසීමාව තුළදී පැමිණිලි 922ක් විභාගකර  අවසන්කර වන්දි මුදල් ලබාදී  තිබෙනවා.

පැමිණිලි 214ක් සඳහා නඩු පැවරීමට කටයුතු කර දඩුවම් ලබාදීමටත් පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළා.

WhatsApp Group

Skip to content