2024 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය රටවල් 40ක් පමණ වර්ජනය කරනු ඇතැයි පෝලන්තය පවසනවා.

රුසියාවේ සහ බෙලරුස් රාජ්‍යයේ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දුන්හොත් ඊට විරෝධය පල කරමින් මෙලෙස ඔලිම්පික් තරඟාවලිය වර්ජනය කිරීමට රටවල් රැසක් සුදානම් බවයි පෝලන්තය පවසන්නේ.

යුක්රේනය මේ වනවිටත් රුසියාව සහභාගි වන්නේ නම් උලෙළ වර්ජනය කරන බව ප්‍රකාශ කර අවසන්.

කෙසේ වෙතත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කළේ, කිසියම් ක්‍රීඩකයෙකු ඔලිම්පික් උලෙළ වර්ජනය කරන්නේ නම්, දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන බවයි.

WhatsApp Group

Skip to content