Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් හා පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා.

75 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ සියලු ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම් එක් කරමිනුයි ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී පැවතී හමුවේදී එම සුබපැතුම් පණිවුඩය ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව සඳහන්.

දෙරටේම ජනතාවගේ සාමකාමී, සමෘද්ධිමත් සහ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීන මිත්‍රත්වය සහ දැක්ම ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා එම පණිවිඩයේ සඳහන් තිබෙනවා.

එමෙන්ම ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩය මගින් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් සැමරුම හා සමගාමීව එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 75 වසරක් සපිරෙන බවයි.

මෙම දිගුකාලීන සබඳතාව කලාපීය සහ ගෝලීය වශයෙන් සාමය සහ සමෘද්ධිය ඉදිරියට ගෙන යාමට ඉවහල් වන බවයි ඇමෙරිකානු ජනාධිපතිවරයා එම පණිවිඩය මඟින් පෙන්වා දී ඇත්තේ.

දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම, මිනිස් ජාවාරම මැඩලීම සහ ආරක්ෂිත නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් පවත්වාගෙන යාම ඇතුළු කටයුතුවලදී ඉතිහාසය පුරා දෙරටම ප්‍රබල ගෝලීය අභියෝගවලට මුහුණ දී ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර සබඳතා වඩා ශක්තිමත් වන්නේ සාමූහිකව, නිදහස සහ සමානාත්මතාවෙන් බවයි අමෙරිකානු ජනපතිවරයා සිය සුබපැතුම් පණිවිඩය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

WhatsApp Group

Skip to content