අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම්වරයා ලෙස කටයුතු කළ ඊ. කුෂාන් නැමැති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා ඕමානයේ සිට අද අලුයම 3.57ට කටුනායක ගුවන්තොපොළ වෙත පැමිණි බව සඳහන්.

අදාළ පුද්ගලයාට එරෙහිව සංචාරක වීසා මත ඕමානයේ රැකියා සඳහා පිටත්ව ගොස් සිටි කාන්තාවන්ට ලිංගික  හිරිහැර කිරීම, මිනිස් ජාවාරම් කිරීම ඇතුළු දූෂණ චෝදනා රැසක් එල්ල වී තිබුණා.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේදී විවෘත වරෙන්තුවක් ද ලබාගෙන තිබූ බව යි වාර්තා වන්නේ .

WhatsApp Group

Skip to content