Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලෝක වෙළදපොළේ බොර තෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා.

ඩබ්ලිව්.ටි.අයි බොරතෙල් බැරලයක මිල ඊයේ පස්වරුව වන විට සටහන්ව තිබුණේ ඩොලර් 74 යි දශම 2 යි 2 ක් ලෙසයි.

එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2 යි දශම 1 යි 7 ක පහළ යාමක් වන අතර එය මෙම වසර තුළ බොරතෙල් බැරලයක් සදහා වාර්තා වූ අවම මිල වනවා.

බ්‍රෙන්ට් බොරතෙල් බැරයක මිල ඊයේ පස්වරුව වන විට වාර්තා වුණේ ඩොලර් 81 යි දශම 2 යි 2 ක් ලෙසයි.

එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2 යි දශම 4 යි එකකින් පහළ ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content