Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ පුනර්ජනනීය බලශක්ති සංගම් 6 ක නියෝජිතයින් අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙම හමුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් ද එක්ව සිටි බව සඳහන්.

එහිදී 2023 – 2026 සැළසුම්, විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රියාත්මක වන ව්‍යාපෘති, සැපයුම්කරුවන්ට විදුලිබල මණ්ඩලය ගෙවිය යුතු මුදල් සහ මූල්‍ය මෙන්ම තාක්ෂණික අවශ්‍යතා පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර 70 % කින් විදුලිබිල ඉහළ දැමුවහොත් සමස්ත නිෂ්පාදන ක්ෂේත්‍රයම කඩා වැටිය හැකි බව අමාත්‍යවරු ගණනාවක් ජනාධිපතිවරයාට පවසා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය යළි හරවා ගන්නා ලෙසයි ඔවුන් ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ.

WhatsApp Group

Skip to content