මොරටුව විශ්ව විද්‍යාලයේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි පරිශ්‍රයකින්  රුපියල් ලක්ෂ දහයකට අධික විදුලි උපාංග සහ විදුලි බල්බ සොරාගත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරුවන්  දෙදෙනා විශේෂ ආරක්ෂිත කැමරා පද්ධතිය මගහැර මොරටු විශ්වවිද්‍යාල භුමියට සූක්ෂමව ඇතුළු වී ගබඩා කාමරයේ  තිබු මෙම උපකරණ තොගය සොරාගෙන ගොස් ඇති බව සදහන්.

සිද්දිය සම්බන්දව මොරටුව පොලිසියට ලද පැමිනිල්ලකට  අනුව කණ්ඩායම් දෙකක් යොදවා සිදුකළ විමර්ශනයේදී සොරා ගනු ලැබූ විදුලි බල්බ වෙලඳසල්වලට විකුණා තිබූ බවත්, වෙළඳසැල හිමියන් ගෙන් ලැබුණු හෝඩුවාවන් ඔස්සේ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්  බවත් පොලිසිය සදහන් කලා .

සොරාගත් භාණ්ඩ අතරින් , වෙලදසල්වලට අලෙවි කර තිබියදී විදුලි බල්බ 50කට  වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත සැකකරුවන් කටුබැද්ද සිරිබර මැණිකේපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර  මොවුන් අධිකව හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් බවයි මොරටුව පොලීසිය සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content