Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කංජිපානි ඉම්රාන් රුපියල් කෝටියක ශරීර ඇප සහ රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදල් ඇපයක් මත මුදා හැරීමට අද කොළඹ අලුත්කඩේ’ අංක 4 සහ 6 යන මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග කලා.

මාලිගාවත්ත පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය ගොනු කර තිබූ නඩු දෙකකට අදාළවයි ඔහු අද අධිකරණයට ඉදිරිපත් කළේ .

මාලිගාවත්ත පොලිසිය මගින් ගොනුකර තිබූ නඩුවට අදාළව රුපියල් විසිපන්ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදල් ඇපය නියම කෙරුණි.

කොළඹ අපරාධ කොට්ටාසය ගොනු කර තිබූ නඩුවට අදාළව රුපියල් ලක්ෂ පනහක ශරීර ඇපයක් නියම වුනා .

එයට අමතරව අධිකරණය විසින් සැකකරුට එරෙහිව විදේශ ගමන් තහනමක්ද පැනවනු ලැබුවා .

WhatsApp Group

Skip to content