Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිටදී අද දහවල් උද්ඝෝෂණයක් පැවැත් වුණා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විවිධ වෘත්තිකයන් මේ සඳහා සහභාගී වූ අතර ඔවුන්ගේ වැටුපෙන් අඩු කර ඇති බදු මුදල් අය කිරීමට එරෙහිවයි මෙම උද්ඝෝෂණ සහ විරෝධතාව පළ කිරීමේ ව්‍යාපාරය පැවැත්වුණේ.

මෙම උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාරය ගුවන් තොටුපළ ඒකාබද්ධ වෘත්තිකයන්ගේ එකමුතුව සහ ගුවන් තොටුපළ හා ශ්‍රී ලන්කන් ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබුණා.

මෙයට ගුවන් තොටුපළ කළමනාකරණ ප්‍රධානීවරයා, ප්‍රධාන ගුවන් ගමන් පාලකවරයා, ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරුන්, ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධානීන්, ගුවන් සේවිකාවන්, ගුවන් යානා නඩත්තු සහ කාර්මික අංශයේ සේවකයින් ඇතුළු ගුවන් තොටුපළ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරන විවිධ මට්ටමේ නිලධාරීන් සහ සේවකයින් එක් වී සිටි බවයි ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ.

 

 

WhatsApp Group

Skip to content