එළඹෙන 10 වැනි දා දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තමන් සුදානම් බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු මහත්මිය පවසනවා.

එමෙන්ම තම කණ්ඩායමේ සාමාජිකාවන් පිළිබඳ තමන්ට විශ්වාසයක් පවතින බවයි ඇය සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/02/CHAMARI-ATHAPATHTHU-EDIT.mp3?_=1

මේ අතර දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වන පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එලි දැක්වීම ඊයේ සිදු කෙරුණා.

එමෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩිකා හසිනි පෙරේරා ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වී ඇති අතර ඒ වෙනුවට සත්‍යා සන්දීපනී සංචිතයට කැඳවා ඇති අතර වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ නායිකා විශ්මි ගුණරත්න ද සංචිතයට ඇතුළත්.

WhatsApp Group

Skip to content