Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා නීතිපති උපදෙස් මත කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී මෙම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ මැයි මාසයේදී කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්ව විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් මෙරට සමුද්‍රීය පරිසරයට විශාල හානියක් සිදුවූ අතර එය මෙතෙක් ලොව සිදුවූ විනාශකාරීම නෞකා අනතුර ලෙස සැලකෙනවා.

කෙසේ වෙතත් අදාළ අනතුරින් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් නඩු පැවරීමක් මෙතෙක් සිදුකර නොමැති බව සඳහන්.

ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුව ඇති අතර කඩිනමින් අදළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන නෞකා සමාගමට එරෙහිව නඩු පවරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

WhatsApp Group

Skip to content