Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වංචා සහගත ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ සහ සමාජ මාධ්‍ය ජාල හරහා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීම මෑත කාලීනව සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

විදේශ රැකියා සඳහා යොමු කරන බවට පොරොන්දු ලබා දෙමින් හෝ විවිධ වටිනා භාණ්ඩ ඇතුළත් පාර්සල් ලබා ගැනීම සඳහා රේගු බදු ගෙවන ලෙස දන්වමින් මෙම මුදල් වංචා කිරීම සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා.

වංචා සහගත දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ සහ සමාජ මාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ලබා දී පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පසුගිය දින කිහිපය තුළ වැඩීවීමක් සිදුව තිබෙනවා.

මේ අනුව නිසි පරීක්ෂාවකින් තොරව නොදන්නා පාර්ශවයන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍ය මගින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු නොවන ලෙස මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මහජනතාවට දැනුම් දෙනවා.

එමෙන්ම මෙවැනි ආකාරයේ දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ ලැබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් 011 2 477 125 හෝ 011 2 477 509 යන දුරකථන අංක හරහා මූල්‍ය බුද්ධි ඒකකය දැනුම්වත් කරන ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මෙන්න එම දුරකථන අංක නැවතත් 011 2 477 125 හෝ 011 2 477 509.

WhatsApp Group

Skip to content