කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරා බදු බලපත්‍ර ලත් සුරා සැල් ජූනි 19 වන දා සිට ජූලි 04 වන දා දක්වා කාලය තුළ වසා තැබීමට අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව රුහුණු කතරගම දේවාලයේ ඇසළ උත්සවය සදහා සහභාගි වීමට පැමිණෙන බැතිමතුන්ට මත්පැන් සහ මත්ද්‍රව්‍ය මෙම පූජා භූමිය තුළට ගෙන ඒම තහනම් වනවා.

මේ අතර එම ප්‍රදේශය අවට සිදු වන මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සදහා මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා.

එමෙන්ම 1913 යන දුරකථන අංකයට ඒ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content