කරන්දෙණිය යුධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු කදවුරේ රාජකාරීයේ නිරත වූ සෙබලුන්ට නිකුත් කළ ටී-56 ගිනි අවි 36 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුගිය 14 වන දා එම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙලෙස එම ගිනි අවි පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ.

පසුගිය 14 වනදා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබුණා.

එහිදි තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය අතර යතුරු පැදියේ ගමන් කරමින් සිටි කුඩා දරුවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

කෙසේ වෙතත් පසුව අනාවරණය වී තිබුණේ වෙඩි තැබීම සදහා පුද්ගලයින් පැමිණි යතුරු පැදිය කරන්දෙණිය යුද හමුදා බුද්ධි බලකා කදවුර ආසන්නයේ කැලෑවක තිබී සොයා ගත් බවයි.

WhatsApp Group

Skip to content