කළුතර ලැගුම්හලක ඉහළ මහලින් වැටී සිසුවියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියේ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා.

සිසුවියගේ අභිරහස් මරණයට අදාළ පරීක්ෂණවලදී ඇය රැඳීසිටි ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳව ද ඊයේ දිනයේදී කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ කාන්තාව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කටයුතු කළේ.

මේ අතර පොලීසිය සිදුකළ විමර්ශනවලදී ජීවිතක්ෂයට පත්වූ සිසුවියට අවසන් දුරකතන ඇමතුම ලැබී ඇත්තේ උපකාරක පන්ති ගුරුවරයෙකුගෙන් බවට අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට කටයුතු කළ බවයි පොලීසිය සදහන් කළේ.

WhatsApp Group

Skip to content