දුෂිත දේශපාලන සංස්කෘතිය යළි රටතුළ ගොඩනැගෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

කොළඹ දී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අරගලයේ තරුණ ක්‍රියාකාරීන්ට පහරදීමට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නිසි පියවර ගතයුතු බවයි.

රජය ඒ සදහා අපොහොසත් වුවහොත් නව රජයක් යටතේ ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි සරත් ෆොන්සේකා මහතා සදහන් කළේ.

ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු නොකළහොත් පවතින තත්ත්වය භයානක වනු ඇති බවයි සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ.

https://www.vnews.lk/storage/2023/05/SARATH-01.mp3?_=1

මීළග ජනාධිපතිධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා මෙහිදී අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/05/SARATH-02.mp3?_=2

WhatsApp Group

Skip to content