පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුවේ වැඩබලන සභාපතිවරයා ලෙස එරට හිටපු ක්‍රිකට් නායක ශහිඩ් අෆ්රිඩි පත් කර තිබෙනවා.

අබ්දුල් රසාක් හා ඉෆ්ටිකාර් අන්ජුම් ද තේරීම් කමිටුව සදහා නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කළමණාකරන කමිටුවේ සාමාජික හරූන් රෂීඩ් කැදවුම්කරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.
මෙතෙක් පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිධූරය මොහමඩ් වසීම් විසින් දරනු ලැබුවා .

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා පමණක් බලපැවැත්වෙන පරිදි මෙම නව තේරීම් කමිටුව පත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content