Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මහනුවර – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටී ⁣එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 යන වයසේ පසු වූ සහෝදරයා සහ සහෝදරිය බව සඳහන්.

අදාල නාය යෑම හේතුවෙන් තවත් අයෙකු ද තුවාල ලබා ඇති බව සඳහන්.

මේ අතර පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක් මතුව තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම මතුව ඇති බවයි.

එම ප්‍රදේශයන්වල කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටියේ .

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද රතු නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය දිවයින හරහා ගමන් කරමින් පවතින අතර ඒ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල තද වැසි හා සුළං ඇතිවන බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවන බව එම නිවේදනයේ සඳහන්.

සෙසු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බවද දිවයින හරහා පැයට කිලෝමීටර 40, 50 පමණ තද සුළං හමා යා හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් එම ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම් දී තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුද තාවකාලිකව නවතා දමා තිබෙනවා.

ස්ථාන කිහිපයක පස් කඳු කඩා වැටීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය සිමා කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

පිළිමතලාව පේරාදෙණිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාදා මතුව තිබෙනවා.

මහනුවර දුම්රිය ස්ථානයද ජලයෙන් යටවීතිබෙනවා.

එබැවින් කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය කඩුගන්නාව දක්වා සිමා කර ඇති බව සඳහන්.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී තිබෙනවා.

අකුරණ නගරයද සම්පුර්ණයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් මෝටර් රථ කිහිපයක් ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ජල ගැලීම් හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනා ගමන කටයුතු ඇනහිට තිබෙනවා.

දැදුරුඔයේ වාන් දොරටු හයක් විවෘත කර ඇති බැවින් පුත්තලම සහ හලාවත ප්‍රදේශවල ඒ ආශ්‍රිතව ජීවත්වන දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

දැදුරු ඔයේ ඉහළ ප්‍රදේශවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ලැබීම හේතුවෙන් එමඟින් නිකුත් කෙරෙන ජලධාරිතාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම රාජාංගණය ජලාශයේද වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර, යාන් ඔය සුළු වශයෙන් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ අංශයේ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන කියා සිටියේ.

WhatsApp Group

Skip to content