Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රග්බි සභාපති ධූරයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා රිස්ලි ඉල්ලියාස් මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

අමාත්‍ය රොෂාන් රණසිංහ, එම අමාත්‍යාංශයේ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ශ්‍රී ලංකා රග්බි ආයතනය එහි වගඋත්තරකරුවන් ලෙසයි නම් කර ඇත්තේ.

පෙත්සම්කරු කියා සිටින්නේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් 8 වනදා නිකුත් කළ නියෝගයක් මගින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ධුරයෙන් තමන් ඉවත්කර ඇති බවයි.

එවැනි නියෝගයක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් නොමැති බව පෙත්සම්කරු පෙන්වා දෙනවා.

එම නියෝගය ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන ඉක්මවා ගොස් කටයුතු කිරීමක් බව ද රිස්ලි ඉල්ලියාස් මහතා සඳහන් කර තිබෙනවා..

එ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

WhatsApp Group

Skip to content