පසුගිය ශූරයින් වන ප්‍රබල ප්‍රංශය මෙවර ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයේදී ආජන්ටිනාවට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලබා ගත්තා.

ඒ දෙවන අවසන් පූර්ව තරගය 2ට 0ක් ලෙස මොරොක්කෝව පරාජයට පත් කරමින්.

එළඹෙන ඉරිදා මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගය ප්‍රංශය සහ ආජන්ටිනාව අතර පැවැත්වෙනු ඇති.

ආජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගත්තේ 6වන වරටයි.

මීට පෙර 5වරක් ඔවුන් ලෝක කුසලාන අවසන් මහා තරගවලට සුදුසුකම් ලබා ඉන් දෙවරක් ලෝක ශූරයන් වී තෙවරක් අනුශුරයින් බවට පත්ව තිබෙනවා.

ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගත්තේ 4වන වතාවටයි.

දෙවරක් ලෝක ශූරයන් වී ඇති ප්‍රංශය එක් වරක් අනුශුරයින් වී තිබෙනවා.

WhatsApp Group

Skip to content