Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු නීති විරෝධීව පැහැරගෙන යමින් සිටි සැකකරුවන් හය දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ දෙමටගොඩ, වේලුවනාරාම විහාරස්ථානය ඉදිරිපිටදී සිදු කරන ලද වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු බවයි.

විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කදවුරේ විශේෂ අවි හා උපක්ර්ම කණ්ඩායමේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්යා පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්යයක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදියි.

සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්රාව්ය. නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත ජයවර්ධනපුර කදවුරේ පොලිස් සැරයන් ඩබ්.ජී.අයි. වික්රවමසිංහ(6101) ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මැයි 26 වන දින මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහි දී අටැම්පොලවත්ත පාර, හැඳල, වත්තල පදිංචි කාන්තාවක් සහ මාකොළ දකුණ, මාකොළ පදිංචි පුද්ගලයකු නීති විරෝධි අයුරින් පැහැරගෙන යමින් සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් කොළඔ 09 සහ කොළඔ 10 ප්රවදේශවල පදිංචි වයස අවුරුදු 22ත් 28ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් 06 දෙනෙක් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

එසේම පැහැරගැනීමට යොදාගත් ත්රී වීල් රථයක් සහ යතුරු පැදියක්ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමට‍ගොඩ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content