Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සිය මියගිය දරුවාගේ දේහය රැගෙන පලා ගිය පියකු පිලිබඳ පුවතක් නුවරඑළිය ප්‍රදේශයෙන් වර්තවනවා. දරුවාට අසනීප තත්වයක් ඇති බව පවසමින් අදාළ පුද්ගලයා සිය ආබාධිත දරුවා රැගෙන නුවර එලිය රෝහලට පැමිණ තිබෙනවා.

එහිදී වෛද්‍යවරුන් විසින් එම දරුවා පරික්ෂා කිරීමේදී දරුවා මිය ගොස් ඇති බව තහවුරු වී තිබීම හේතුවෙන් එම දරුවා මිය ගොස් ඇති බව පියාට දන්වා තිබෙනවා.

නමුත් පියා වෛද්‍යවරුන්ට පවසා ඇත්තේ මෙවන් අසනීප දරුවාට නිතර ඇති වන බවයි. කෙසේ වෙතත් පසුව ඔහු දරුවාගේ සිරුර රැගෙන රෝහලෙන් පලා ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content