කාන්තා පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රීකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ සත්කාරක දකුණු අප්‍රිකාණු කණ්ඩායම සහ ඔස්ටේ්‍රලියානු කණ්ඩායම අතරයි.

කේප්ටවුන්හිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් පස්වරු 06.30 ආරම්භ වීමට නියමිතයි.

අයි සී සි ලෝක කුසලාන තරගාවලියට දකුණු අප්‍රිකාණු කණ්ඩායමක් අවසන් මහා තරගයකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයක්.

ඔස්ටේ්‍රලියානු ක්‍රීඩිකාවන් ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

අවසන් පුර්ව තරගයේදී එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් අවසන් මහා තරගයට පිවිසුණා.

WhatsApp Group

Skip to content