දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා සඳහන් කරන්නේ, සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවයි.

එමෙන්ම වයඹ පළාතේ සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන්.

ඒ අනුව ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන තද සුළං පැයට කිලෝමීටර 40 ත් 45 ත් අතර අගයක් ගත හැකි බව ද ඒ මහතා සඳහන් කළා.

එමෙන්ම අරාබි මුහුද ආශ්‍රිතව පැවතී සුළි කුණාටුව චණ්ඩ තත්වයක් ගෙන තිබීම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයට යාමෙන් වලකින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ගෙන් ඉල්ලා සිටින්නේ.

https://www.vnews.lk/storage/2023/06/MALINDA-MILLANGODA-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content