බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල අද වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හකියාවක් පවතින බව එම නිවේදනයේ සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

WhatsApp Group

Skip to content