Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මෙරට ආගමික සංහිඳියාවට තර්ජනයක් වන අයුරින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම නිත්‍යානුකූල පියවර ගන්නා ලෙස මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් පටු ආගමික අරමුණු පෙරදැරිව, මෙරට ආගමික සංහිඳියාවට තර්ජනයක් වන අයුරින් ප්‍රසිද්ධියේ සිදුකරන ප්‍රකාශ සුළුකොට තැකිය නොහැකි බැවින් වහා නිසි අණ පනත් මගින් නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසයි මහ නා හිමියන් එමගින් ඉල්ලා සිටින්නේ.

බුදුන් වහන්සේ හා අනෙකුත් ආගම් සම්බන්ධයෙන් ජෙරම් ප්‍රනාන්දු නමැති ක්‍රිස්තියානි දේවගැතිවරයා පසුගිය සතියේ සිදුකළ ප්‍රකාශය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළා.

ඔහුට එරෙහිව පාර්ශව කිහිපයක්ම අධිකරණය හමුවට ගිය අතර දේවගැතිවරයා රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content