Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වැසිත් සමඟ කලාවැවේ හදිසි වාන් දොරටු දෙකක් අඩි 01 බැගින් විවෘත කර තිබෙනවා.

එමඟින් තත්පරයට ඝන අඩි 1000ක වේගයකින් කලා ඔයට ජලය මුදාහැරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන් කලා වැව දෙපස සිටින සහ පහළ සිටින ජනතාව සැළකිලිමත්වන ලෙස දැනුම් දෙනවා.

එමෙන්ම පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 387කට අයත් පුද්ගලයින් 1675 දෙනෙකුට පීඩා සිදුව තිබෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ වර්ෂාවත් සමඟ පස්කදු කඩා වැටීම් නිසා දෙදෙනෙකු මියගොස් 07 දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි.

ඊට අමතරව නිවාස 109කට අර්ධ හානි සිදුව තිබෙනවා.

මේ අතර පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඊයේ ගමනාගමනය බාධා මතුව තිබූ මාවනැල්ල සිට හෙම්මාතගම හරහා ගම්පොල දක්වා දිවෙන මාර්ගයේ වම් පස තීරුව පමණක් ගමනාගමනයට විවෘත කර තිබෙනවා.

අනෙක් තීරුවේ පස් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවයි හෙම්මාතගම පොලිසිය සඳහන් කළේ.
මේ අතර අද දිනයේද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර දිවයින හරහා විටින් විට පැයට කිලෝ මීටර 40 ත් 50 අතර තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වී ඇති අතර එය ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2022/12/MALINDA-MILLANGODA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content