Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත්  කර තිබෙනවා.

අද පස්වරු 3.30 තෙක් එම නිවේදනය වලංගු වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ .

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය තවදුරටත් එම ප්‍රදේශයේ ම පවතීන බවද කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළා .

එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ ඉදිරි පැය 24 තුළ දී එය බටහිර දෙසට එනම් නිරිතදිග බෙංගාලබොක්ක දෙසට තවදුරටත් ගමන් කිරීමට ඉඩ ඇති බවයි .

ගිනිකොන දිග බෙංගාල බොක්ක සහ නිරිතදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50-60 පමණ දක්වා වැඩි වියහැකි අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි .

එබැවින් ඉහත මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේ දී අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටීනවා .

WhatsApp Group

Skip to content