Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

වසර 36 කට පසුව පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ලියොනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා.

කටාර් හි ලුසයිල් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ දී පැනල්ටි පහර 4 ට 2 ක් ලෙස ප්‍රංශය පරදවා ජයග්‍රහණය ලැබීමට ආර්ජන්ටිනාව සමත් වීම විශේෂත්වයක්.

තරගයේ නියමිත කාලය නිමා වන විට දෙපිලම ගෝල දෙක බැගින් රැස් කරගෙන සිටි අතර අතිරේක විනාඩි තිහේදී දෙපිලම තවත් ගෝලය බැගින් රැස් කිරීමට සමත් වීම හේතුවෙන් තරගයේ තීරණය පැනල්ටි පහර මත තීරණය කිරීමට සිදු වුණා.

මෙහිදී පැනල්ටි පහර 4 ට 2 ක් ලෙස ජය ගැනීමට ආජන්ටිනාව සමත් වුණා.

තරගයේ පළමු අර්ධය සම්පූර්ණයෙන්ම තමන්ගේ අණසකට යටත් කරගත් ආර්ජන්ටිනාව තරගයේ පළමු ගෝලය 23 වැනි විනාඩියේ දී වාර්තා කළා.

එහිදී දඬුවම් පහරක් මගින් එම ගෝලය රැස් කිරීමට මෙසී සමත් වුණා. අනතුරුව 36 වැනි විනාඩියේ දී ඩි මාරියා තවත් ගෝලයක් රැස් කරමින් 2 ට 0 ක් ලෙස කණ්ඩායම ඉදිරියට ගෙන ඒමට සමත් වීම කැපී කැපී පෙනෙන සිද්ධියක්.

දෙවැනි අර්ධයේ දී ප්‍රංශය වැඩි ජවයකින් ක්‍රීඩාවට අවතීරණ වුවද ආර්ජන්ටිනාව ජයග්‍රහණය කරා යන ලකුණු දැක ගත හැකි වුණා.

කෙසේ වෙතත් ප්‍රංශය 80 වැනි විනාඩියේ දී එම්බාපේ එල්ල කළ දඬුවම් පහරකින් පළමු ගෝලය ලබා ගත් අතර 81 වැනි විනාඩියේ දී එම්බාපේ විශිෂ්ට ගෝලයක් ලබා ගනිමින් තරගය සම කිරීමට සමත් වුණා.

අතිරේක කාලයේ දී තරගයේ 109 වැනි මිනිත්තුවේ දී ලියොනල් මෙසී තවත් ගෝලයක් වාර්තා කළ අතර එය ආර්ජන්ටිනා කණ්ඩායම ජයග්‍රහණය තහවුරු කරන ගෝලය වනු ඇතැයි බොහෝ දෙනෙකු විශ්වාසය පළ කළද කිලියන් එම්බාපේ අතිරේක කාලය නිමා වීමට විනාඩි දෙකක් තිබියදී එනම් 118 වැනි විනාඩියේ දී තවත් දඬුවම් පහරක් සර්ථක කරගෙන තරගය පැනල්ටි පහරවලින් තීරණය ලබා ගන්නා තරගයක් බවට පත් කළා.

මේ අතර තරගාවලියේ හොඳම තරුණ ක්‍රීඩකයා ලෙස ආර්ජන්ටිනාවේ එන්සෝ ෆර්නැන්ඩස් තේරී පත් වූ අතර තරගාවලියේ හොඳම ගෝල රකින්නා ලෙස ආර්ජන්ටිනාවේ එමිලියානෝ මාටිනස් විසින් හිමි කර ගත්තා.

එමෙන්ම තරගාවලියේ වැඩිම ගෝල ලාභියා බවට පත් වුයේ ප්‍රංශයේ ගෝල්ඩන් බූට් විසින් වීමද විශේෂත්වයක්.

ඒ ගෝල 8 ක් සමගින්. තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස ගෝල්ඩන් බෝල් සම්මානය ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී විසින් හිමි කර ගත්තා.

WhatsApp Group

Skip to content