Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කිතුණු බැතිමතුන් භක්තියෙන් සමරන පාස්කු දිනය අදට යෙදී තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වීම සිහිපත් කරමින් අද කිතුණු බැතිමතුන් පාස්කු දිනය සමරනු ලබනවා.

පාස්කු ඉරිදා දින විශේෂ දේව මෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රියේදී කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්වුණා.

ඒ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර පාස්කු දිනය වෙනුවෙන් කිතුණු දේවස්ථාන අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද මෙම ආරක්ෂක වැඩපිළිවෙලට අනුයුක්තර කර තිබෙනවා.

මේ අතර පාස්කු දින වතුකරයේ ප්‍රධාන දේව මෙහෙය හැටන් ශ්‍රී කුරුස දේවස්ථානයේදී පැවැත්වුණා.

දේව මෙහෙයට වතුකරයේ කිතුනු බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටි අතර පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වු පිරිස සිහිපත් කර යාඥාවක් ද සිදු කර තිබෙනවා.

එමෙන්ම දේවස්ථානය අසල සැකකටයුතු ලෙස සැරිසරමින් සිටි පිරිසක් ඉවත් කිරීමට ආරක්ෂක අංශ නිලධාරීන් පියවර ගත් බව අප වාර්තාකරු සදහන් කළා.

ඔවුන් මෝදර ප්‍රදේශයේ සිට පැමිණ ඇති යාචකයින් පිරිසක් ලෙස දේවස්ථානය අසල රැදී සිට තිබෙනවා.

මේ අතර මානව සබදතා බිද දමන ගැටුම් අයුක්තිය සහ අසාධාරණය ඉදිරියේ ජනතාව අසරණ වන බව අති උතුම් ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාස් වහන්සේ පවසනවා.

ශූද්ධෝත්තම පියතුමන් මේ බව ප්‍රකාශ කළේ වතිකානයේ පිහිටි ශාන්ත පීතර බැසිලිකාවේ පැවති පාස්කු දිව්‍ය පුජාවට එක්වෙමින්.

සියලු බලාපොරොත්තු සිදී ගොස් ඇති බව දැනෙන විට පවා, පරාජයේ හැගීම්වලට යටත් නොවී දෙවියන් වහන්සේගේ උපකාරයෙන් නැවත නැගී සිටීමට උත්සහ කළ යුතු බව ශූද්ධෝත්තම පියතුමන් පෙන්වාදෙනවා.

ශූද්ධෝත්තම පියතුමන් , ශූද්ධ වු සතියේ සැමරුම් නිමා කරමින් ශාන්ත පීතර දේවස්ථානයේදී ලෝකවාසීන්ට ආශිර්වාද කරමින් අද විශේෂ පණිවුඩයක් ද ලබා දීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content