ස්විස්ටර්ලන්තයට මසකට කිතුල් පැණි ලීටර 10,000 ක් අපනයන කිරීමට පසුගියදා ගිවිසුමට අස්සන් තැබූ බවත්, ශ්‍රී ලංකාවෙන් මේ වන විට ප්‍රධාන රටවල් හතරකට කිතුල් පැණි අපනයනය කරන බවත්, ශ්‍රී ලංකාවේ කිතුල් කර්මාන්තය පිළිබඳ ප්‍රධාන ක්‍රියාකාරිකයා වන ප්‍රියන්ත කුමාර මහතා පවසා තිබෙනවා.

දකුණු කොරියාව, ජපානය, එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව යන රටවලට මේ වන විට කිතුල් පැණි අපනයනය කරන බව සඳහන් කර සිටින ප්‍රියන්ත කුමාර මහතා කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රියාත්මක කරන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන හෙවත් සැප් ව්‍යාපෘතිය ඒ සඳහා විශාල සහයෝගයක් දක්වන බව ද සඳහන් කර තිබෙනවා.

මේ අතර කිතුල් කර්මාන්තය පිළිබඳ ශ්‍රී ලංකාවේ එකම ක්‍රියාකාරිකයා වන තමන් දිස්ත්‍රික්ක 10 ක කිතුල් ගොවීන් 5000 ක් සමඟ කටයුතු කරන බවත් සැප් ව්‍යාපෘතියෙන් කිතුල් ගෙවීන්ට පහසුකම් සළසන බවත්, ප්‍රියන්ත කුමාර මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content