ගතවූ දින 16 තුල බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තවදුරටත් පවුල් 1027කට අයත් පුද්ගලයන් 3,618කට බලපෑම් එල්ල වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවුල් 22ක පුද්ගලයන් 79 දෙනෙකු ද ආරක්ෂිත මධ්‍යස්ථාන දෙකක රඳවා ඇති බවයි.

අද දිනයේත් පළාත් කිහිපයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එහි දැක්වෙන්නේ සබරගමුව , මධ්‍යම, දකුණ සග ඌව පළාත්වලත්, බස්නාහිර මෙන්ම උතුරුමැද පළාතෙත් ස්ථාන රැසකට වැසි ඇති විය හැකි බවයි.

WhatsApp Group

Skip to content