හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 405 ක් සමඟ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .

මෙලස අදාළ පුද්ගලයාව අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක් අසලදීයි .

ඔහු රත්නපුර ප්‍රදේශයේ පොලිස් ස්ථානයකට අනුයුක්තව සේවයේ යොදවා සිටි අයෙකු බවයි වාර්තා වන්නේ .

අදාළ පුද්ගලයා නිවාඩු නොලබා අනවසරයෙන් පේමඩුව ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත පැමිණ සිටි අයෙක් බවද පොලිසිය පවසනවා .

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබනවා.

WhatsApp Group

Skip to content