බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත 2024 කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හා අයර්ලන්තයට අහිමි වී තිබෙනවා.

ඒ, නිමා වූ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී ඔවුන් ක්‍රීඩා කළ කාණ්ඩවල පළමු ස්ථාන 3 අතරට පිවිසීමට ශ්‍රී ලංකාවට හා අයර්ලන්තයට නොහැකි වීම හේතුවෙන්.

මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව පළමු කාණ්ඩයෙන් තරග වැදුණු අතර, එම කාණ්ඩයට ඇතුළත්ව සිටි දකුණු අප්‍රිකාව,

නවසීලන්තය හා ශ්‍රී ලංකාව තරග දෙක බැගින් ජය ගනු ලැබුවා.

කෙසේ වෙතත්, දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාවට හිමි වූයේ සිව්වැනි ස්ථානයයි.

ඔස්ටේ‍රලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, එංගලන්තය, ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් යන රටවල් ඒ ඒ කාණ්ඩවල පළමු ස්ථාන 3 හිමි කර ගත් බැවින් 2024 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, පළමු කාණ්ඩයෙන් ක්‍රීඩා කර සියලු තරග පරාජයට පත් වූ බංග්ලාදේශය 2024 කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රට බැවින් එම ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content