කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එරට නීති උල්ලංඝනය කරමින් අනීතිකව රැඳී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් තිස් දෙදෙනෙකු පිටුවහල් කර තිබෙනවා.

එම පිරිස අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ.

මෙම පිරිස ගිවිසුම්ගත රැකියා ස්ථානයේ හෝ නිවසින් පළා විත් කුවේට් රාජ්‍යයේ පිටස්තර ප්‍රදේශවල රැකියා කරමින් සිට තිබෙනවා.

එහිදි සිය කැමැත්තෙන් මෙරට බලා නැවත පැමිණීමට කැමැත්ත පල කරමින් තානාපති කාර්යාල වෙත පැමිණ ලියාපදිංචි වීමෙන් පසු මෙරටට ගෙන්වා ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

මෙලෙස ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කළ කාන්තාවන් අනුරාධපුරය, වව්නියාව, ගම්පහ, කින්නියා, කොළඹ, කුරුණෑගල සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකාරියන් වනවා.

මේ වන විට 30,000 ක පමණ පිරිසක් සිය ගිවිසුම්ගත සේවා ස්ථානවලින් පළා විත් වීසා නොමැතිව පිටස්තර ප්‍රදේශවල රැකියා කරමින් ජීවත් වන බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

WhatsApp Group

Skip to content