නෙළුව ප්‍රදේශයේ 7 හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පොලිසිය පැවසුවේ දැරියගේ පියා විසින් නෙළුව පොලිසියට අදාළ පැමිණිල්ල යොමු කර ඇති බවයි.

අදාළ පැමිණිල්ල ගොනු කරමින් දැරියගේ පියා පවසන්නේ දැක්වෙන්නේ අතුරලිය වික්‍රමගේ ටෙරාෂා පහන්දි නමැති හත් හැවිරිදි දැරිය ඊයේ (15) සවස් කාලයේ සිට නිවසේ නොමැති බවයි.

පැමිණිලිකරු බිරිඳගෙන් දික්කසාද වී ඇති අතර දරුවාගේ මවගේ නංගි සහ තවත් පිරිමි පුද්ගලයෙකු ඊයේ සවස් කාලයේ දරුවා බැලීමට පැමිණ ඇති බවට වාර්තා වනවා.

දරුවාගේ පියා පවසන්නේ තමන් තේ කර්මාන්ත ශාලාවේ වැඩ කරමින් සිටින විට දරුවා නිවසේ නොමැති බවට රාත්‍රී 7.10ට පමණ ආරංචි වූ බවයි.

දැරියගේ පියා පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ දරුවාගේ මවගේ නැගණිය දරුවා රැගෙන යන්නට ඇති බවට සැක කරන බවයි.

දැරියගේ මව සෙවනගල ප්‍රදේශයෙන් දෙවන කසාදයක් කරගෙන ඇති බවද අනාවරණ වී තිබෙනවා.

නෙළුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂනා ආරම්භ කර තිබෙනවා.

 

 

WhatsApp Group

Skip to content