කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කිලෝමීටර 41ක දුරක් කුළුණු මත ඉදිකිරීමට යෝජිත මෙට්රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති අතර, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට කඩිනමින් යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ.

කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා දුම්රිය ස්ථාන විසි පහක් සංවර්ධනය කෙරෙමින් ඉදි කිරීමට යෝජිත මෙම ව්‍යාපෘතිය සඳහා පෞද්ගලික සමාගමක් ඩොලර් බිලියන 2.5ක මුදලක් ආයෝජනය කිරීමට ද ඉදිරිපත් වී සිටිනවා

WhatsApp Group

Skip to content