හම්බන්තොට මහ රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 120කට වැඩි සංඛ්‍යාවක හිඟයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

බොහෝ අවස්ථාවල ඖෂධ හිඟ වීම හේතුවෙන් හෘද රෝග ප්‍රතිකාර ඒකකය ද වසා දැමීමට සිදු වූ බවයි වාර්තා වන්නේ.

එම රෝහලේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතු`ඵ සෙසු වෛද්‍යවරුන් 38 දෙනෙකුද රෝහල හැර ගොස් ඇති බව අප වාර්තාකරු කියා සිටියා.

එම රෝහලේම තවත් වෛද්‍යවරුන් කිහිප දෙනෙකු විදේශගත වීම සඳහා ඉල්ලුම් කර ඇති බව ද සඳහන්.

හම්බන්තොට මහ රෝහලට රෝගී අංශය සඳහා පමණක් විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු අවශ්‍ය වුවද මේ වන විට වෛද්‍යවරුන් තිස් දෙනෙකුට පමණක් සීමා වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

මේ හේතුවෙන් ශෛල්‍යකර්ම මෙන්ම වෛද්‍ය සායන ද පවත්වාගෙන යාමේ දැඩි අර්බුදයකට පත්ව ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content