Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කෘතිම බුද්ධීන් භාවිතය හේතුවෙන් ලොව පුරා රැකියා මිලියන 300 ක් පමණ අහිමිවීමේ අවධානමක් මතුව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඇමෙරිකාවේ හා යුරෝපයේ සමස්ත රැකියා සංඛ්‍යාවෙන් 1/4 ක් පමණ ඒ අනුව කප්පාදුවට ලක්වනු ඇති.

මේ වන විටත් ලොව පුරා සමාගම් රැසක් කෘතිම බුද්ධින් යොදාගනිමින් වැඩකටයුතු කිරීම ආරම්භ කර ඇති අතර ඒ හරහා දහස් ගණනකට තම රැකියා අහිමි වී තිබෙනවා.

මිනිසුන් යොදාගනිමින් සිදු කරන කටයුතු රැසක් කෘතිම බුද්ධි යොදාගනිමින් සිදු කිරීමේ හැකියාවත් සමගයි මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ.

එමෙන්ම ලොව රටවල් රැසක් කෘතිම බුද්ධීන් වැඩිදියුණු කිරීම සදහා ආයෝජනය කිරීම ද ආරම්භ කර තිබෙනවා.

කෙසේ වුවද කෘතීම බුද්ධිය යොදාගැනීම සදහා රැකියාවේ තත්ත්වය හෑල්ලු‍වට ලක් වන බවයි බොහෝ වෘත්තිකයන් චෝදනා කරන්නේ.

WhatsApp Group

Skip to content