Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට නව තාක්ෂණය හඳුන්වාදීම සඳහා ක්‍රියාත්මක කෘෂිකාර්මික අංශය නවීකරණ ව්‍යාපෘතිය සඳහා වන ආධාර තවත් මාස 18කින් දීර්ඝ කිරීමට ලෝක බැංකුව එකඟ වී තිබෙනවා.

පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ලෝක බැංකු නියෝජිත කණ්ඩායමේ නායක සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා පැවැත් වුනා.

එහිදි මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මෙම ව්‍යාපෘතිය මේ වන විට විශාල කාර්යභාරයක් ඉටු කරන බැවින් එය අඛණ්ඩව කරගෙන යන ලෙස අමාත්‍යවරයා ලෝක බැංකු නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව මේ වසරේ මැයි මාසයේ සිට තවත් මාස 18ක කාලයක් මෙම ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට ඩොලර් මිලියන 30ක මුදලක් ලබාදීමට ලෝක බැංකු නියෝජිත පිරිස එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content