ශ්‍රී පාද හැටන් මාර්ගයේ වෙළදසැල්වල කිරි ආශ්‍රීත ආහාර ද්‍රව්‍යවල නියැදි පක්ෂාවන් සිදුකර තිබෙනවා.

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම පරීක්ෂා කිරීම් සදහා එක්ව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.

රත්නපුර එරත්න ශ්‍රී පාද මාර්ගයේ ලිස්ටිරියා රෝගියෙකු බවට සැකකෙරෙන පුද්ගලයෙකු හමුවීමත් සමගයි වෙළදසැල් පරීක්ෂාවට ලක්කර ඇත්තේ.

නල්ලතන්නිය සිට ගඟුලතැන්න දක්වා වන මාර්ගයේ පිහිටි වෙළදසැල් සහ සංචාරක හෝටල් මෙහිදී විශේෂ පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී ලබා ගත් කිරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍යවල නියැදි වැඩිදුර පරීක්ෂණ සදහා රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යොමු කරනු ඇති.

ලිස්ටිරියා බැක්ටීරියාව පිළිබද මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණ වීමත් සමග ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

WhatsApp Group

Skip to content