කොන්දේසි විරහිතව අයවැයට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට අවශ්‍ය උපරීම සහාය ලබාදීමට පොදුජන පෙරමුණ කටයුතු කරන බවයි ඔහු සදහන් කලේ

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර නොමැති බවද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කියාසිටියා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුර්ණ සහයෝගයෙන් පත්කර ගත් ජනාධිපතිවරයා සමග එකඟතාවයෙන් කටයුතු කරන බවයි.

WhatsApp Group

Skip to content