Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ධීවර ජනතාව සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

දකුණු-මධ්‍යම බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ .

එය යාපනයේ සිට කිලෝමීටර් 600ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතීනවා.

එම පද්ධතිය ඉදිරි පැය කිහිපය තුළදී, තමිල්ණාඩු-පුදුචෙරි වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා.

මේ අතර උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලවිටින් විට හමන පැ.කි.මී 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකියි .

එමෙන්ම ඌව පළාතේ ස්ථාන ස්වල්පයක හවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි .

WhatsApp Group

Skip to content