කොවිඩ් ආසාදිතයින් යලි ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මහතා සදහන් කළේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.

පසුගිය දින කිහිපය තුළ දෛනිකව කොවිඩ් රෝගීන් 5 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබුණා.

එමෙන්ම කොවිච් ආසාදිත මරණ 2 ක් පසුගිය දින 3 ක කාලය තුළ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පවතින තත්ත්වය හමුවේ අවධානම් කණ්ඩායම් කොවිඩ් මාර්ගෝපදේශ අනුගමනය කිරීම වැදගත් බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවා.

WhatsApp Group

Skip to content