Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා පැනවූ කොවිඩ් -19 පාලන නව ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම කල් දැමීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අදාළ නීති ක්‍රියාත්මක කිරීම ලබන 20 වනදා දක්වා කල්දමන බවයි .

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා කොවිඩ් -19 රෝගය සම්බන්ධව නව ක්‍රමවේද මාලාවක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසුගියදා පියවර ගනු ලැබුවා.

කෙසේවෙතත් ඊට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබුනේ නැහැ .

WhatsApp Group

Skip to content