කොළඹ නගරයේ බහු මහල් රථගාල් 4 ක් ඉදිකරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන හේතුවෙන් ඇතිවන මාර්ග තදබදය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වය මත මෙම රථගාල් ඉදිකිරීමට නියමිතයි. කොළඹ ටෙලිකොම් ආයතනය ඉදිරිපිට පැරණි මත්ස්‍ය වෙළදපොල සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල මෙම රථගාල් ඉදිකිරීමට නියමිත බවයි නාගරික සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ.

WhatsApp Group

Skip to content