Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

තමන්ට ලබා දී ඇති ස්ථාන මාරුවීම නීතියට පටහැනි බව ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

අජිත් රෝහණ මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ අදාළ ස්ථානමාරු වීම නීතියට පටහැනි බැවින් එය ක්‍රියාත්මක කිරීමට තමා බැඳී නොමැති බවයි.

අදාළ ස්ථානමාරු වීම් සිදු කිරීමට නීතියෙන් බලය ඇත්තේ පොලිස් කොමිෂන් සභාවට වන බවත්, අමාත්‍යාංශ ලේකම්වරයාට එම මාරුවීම් සිදු කිරීමට කිසිදු බලයක් නොමැති බවත් අජිත් රෝහණ මහතා සිය ලිපිය මගින් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම අජිත් රෝහණ මහතා ඇතු`ඵ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකුට ඊයේ දින ස්ථානමාරුවීම් ලබා දී තිබුණා.

එම සියලු ස්ථානමාරුවීම් නීත්‍යානුකූල ක්‍රමවේදයට අනුව සිදුකළ බවයි ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසන්නේ.

WhatsApp Group

Skip to content